Sunday, August 11, 2013
Saturday, August 10, 2013
6:42 AM
Unknown
No comments
දිලිසෙන දෙනෙත ඔබේ .... නෑ අමතක වෙන්නේ .....
වෙන්වී යන්නනම් .... ඇයි මට මේ තරම් ....
ආදරේ කෙරුවේ ............
හදවත මැද දුක නිතරම .... කීරිගැහෙනවා ....
ඔබ බොරුවට රැවටුව හිත ..... තාම හඬනවා .....
මට ආයේ හිමිවේනම් ..... පණවාගේ රැකගන්නම් ....
මගෙ රත්තරන් ඔයා ..... මගෙ රත්තරන් ඔයා .......
සමුගෙන ඔබ පියමැන්නද ..... මාව රිදවලා .....
කොහොමට අපි හිටියද පෙර ..... දිනෙක ලංවෙලා ......
මට ආයේ හිමිවේනම් ..... පණවාගේ රැකගන්නම් .....
මගෙ රත්තරන් ඔයා ..... මගෙ රත්තරන් ඔයා .....
6:40 AM
Unknown
No comments
මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්
මගෙ කූඩුවට ඇවිත් සල්ලාර පෙම්බරෙක්
මගෙ පෙම්බරී සමඟ හාදව දුන්නු ගින්දරක්
මට දුන්නු ගින්දරක්.......
මගෙ පෙම්බරී අසන් මට මන් ගැන දුකක් නොවෙයි
අපෙ පුන්චි එවුන්ගේ හෙට කල දවස ගැන දුකයි
ඇස් තාරුකා වගෙයි මග බලාගෙන හඬයි
මන් ගැන හිතන්නෙපා උන් ගැන හිතා වරෙන්,,,,,,
මගෙ වරදක් නැතත් අඟ හිඟ කම් උනා තමයි
ඔය පෙම්බරා නුඹේ හිත හොරකම් කලා එයින්
උන දේ උනා තමයි නඩු හබ ඵලක් වෙද ඉතින්
මන් ගැන හිතන්නෙපා උන් ගැන හිතා වරෙන්........
6:31 AM
Unknown
No comments
ආලවන්ත නෙත් විදා මන්දහාස නංවනා
සදකින්නරී සුන්දරි මුතු පලස මත දිදුලනා
මනබන්දනී නන්දනි මුතු පලස මත හිනැහෙනා
සදකැන් හොරෙන් මුව තවරලා
මල් මල් ගවුමකින් ගත සරසලා
ඉදිකඩ උඩින් තරුනෙත් වසා
මතකයි තවත් අපි හිනැහුණා
මතකයි....තවත් ඔයා හිනැහුණා
සිහිලැල් සුළං රැල්ලක එතී
වනමල් උයන් හැරදා අප සිටී
මතකෙන් මකා අපි පෙම් කළ හැටි
මතකයි ඔයා මං හැරගිය හැටී
මතකයි...තවත් ඔයා හිටි හැටී
ආලවන්ත නෙත් විදා.......
6:28 AM
Unknown
No comments
මල්මිටක් තියන් ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජිවිතේ විසල් නදී තෙරේ
තුරු සිසත් මලත් ඔබයි මගේ
සොදුරු කවි ලියාන නෙත් කොනේ
තාරුකා වහින රාත්ත්‍රියේ
ගෙල වටේ වෙලී හමා ඇදි
නල රැලී ඔබයි මගේ
තුරුලතා පවා දුකෙන් වගේ
අත වනා හොයන්නෙ ඔබ
හැන්දෑවේ වගේ සෞම්‍ය වී
නිදා ඉන්න මගේ හදේ
6:24 AM
Unknown
No comments
දිවුරාල පවසන්න මට ආදරෙයි නම්
මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවානම්
එය සත්තකයි සොඳුරෙ මා මියෙනතා කල්
ඔබ මයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්
හිරු මල් දෑතෙ සඟවා වලා රොදක නැගිලා
සත් සමුදුරුම කළඹාල ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මෘදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ
සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලා
ඔබ සතපන්න තරු අහසෙ වියනක් සදාලා
සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා
ඔබ නිදියන්න මගෙ මැණික මට තුරුලු වීලා
හිරු මල් දෑතෙ සඟවා වලා රොදක නැගිලා
සත් සමුදුරුම කළඹාල ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මෘදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ
6:19 AM
Unknown
2 comments
සිනා තොටක් විය ඔබපාමුලමා ලද සරදම්
මහෝගයක්විය ඔබෙන් ලැබූ අපමන අභිමන්
නොහඩා ඉන්නම් ගිලුහුනු දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා ආදරයේ දෙව්දුව ඔබගෙන් මන්
බෝසත් ඔබ සිත ලග වුවැසිය වී දැහැනට වී
සිටියා මිස නොදනිමි කොහි සිටියා දැයි මලවී
පුදුසුන් මත මියයක් වී සහසක් මල් පරවී
නුපිදූ මල් ඇත තවමත් ඔබ ගැන බැති බර වී
මගෙන් මිදුනු ලොව ඔබට මිහිරිනම් එය සැපකී
ඔබට ලන්ව දුක බෙදා ගන්න බැරි කම දුකකී
මෙවැනි බැදුම් අදහනු බරි ලෝකය සිර ගෙයකි
එවන් ලොවක මේ හමුවිමත් වාවනු දුකකි
සිනා තොටක් විය ඔබපාමුලමා ලද සරදම්
මහෝගයක්විය ඔබෙන් ලැබූ අපමන අභිමන්
නොහඩා ඉන්නම් ගිලුහුනු දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා ආදරයේ දෙව්දුව ඔබගෙන් මන්
6:16 AM
Unknown
3 comments
ඈත මෑත සුවඳ දී සැලී
නේක නේක හැඩ රුවින් මැවී
පාට පාට මල් වගේ පිපී
යාළු යාළු පොඩි ළමයි අපී
යාළු යාළු පොඩි ළමයි අපී
උදෑසනක උදාගිරක අරුණ කිරණ අපී
කඩා හැලෙන දිය දහරක පිපෙන බුබුළ අපී
සදා හරිත තුරු ගොමුවක සලිත ළපලු අපී
පාට පාට මල් වගේ පිපී
යාළු යාළු පොඩි ළමයි අපී
සඳ නැති රැය තිමිර බඳින තරු පිරිවර අපී
දේදුන්නට පාට හදන සමනල තටු අපී
ඇළට දොළට දිය පුරවන පිනි හිරිකඩ අපී
පාට පාට මල් වගේ පිපී
යාළු යාළු පොඩි ළමයි අපී
ඈත මෑත සුවඳ.....
සැදෑ කලුවර උර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සද මගෙ සරා සද
තනි වෙලා මා තනි වෙලා
වලා කුලකුත් නොමැති අහසේ
මලානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාලු වී ඇත
අදුර පමණක් රජ වෙලා
සැදෑ කලුවර උර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සද මගෙ සරා සද
තනි වෙලා මා තනි වෙලා
ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගනන් දුර ජීවිතේ බර
මගේ හිස මත බර වෙලා
සැදෑ කලුවර උර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සද මගෙ සරා සද
තනි වෙලා මා තනි වෙලා
5:43 AM
Unknown
No comments
ඔය ඇස් දෙක දුරස්වෙලා ගියාට වෙන සිතක් සොයා
අහිතක් නොසිතමි කිසිදා ඔබ හිමි මට නොවන නිසා
කදුළු ගැස්සිලා දෙනෙතේ හීන රැස් වෙලා මහදේ
මට ඉන්න දෙන්නෙනැ ඔබේ ලගින් මට යන්න දේන්නෙප අත් ඉතින්..
මතකේ කකියන පපුවේ හැගුම් බියරුවෙන් හැසිරෙ
අදුරේ මා දමලා වෙනතක් ඔබ බලලා කදුළු ගැස්සිලා දෙනෙතේ
හීන රෑස් වෙලා මහදේ මට ඉන්න දෙන්නෙන ඕබෙ ලගින්
මට යන්න දෙන්නඑපා ඒත් ඉතින්....
තුරුලේ ඇලවිලා සිටියේ මටකේ උමතුවෙන් සිහිවේ
අදුරේ ම දමලා වෙනතක් ඔබ බලලා කදුළු ගැස්සිලා දෙනෙතේ
හීන රැස් වෙලා මහදේ මට ඉන්න දෙන්නෙනැ
මට යන්න දේන්නෙප අත් ඉතින්.
විකසිත පැතුමන් ඔබෙ ලයේ
සෙනෙහස මීවිත පිරී
එනමුදු අදමෙන් මගේ ලොවේ
දැල්වුනු පහනද නිවී
ම්...... හා.. හා...
මා මත් වීලා...
නීල නෙතු ඇගේ පෙර මගේ
ඒ දෙනෙත් අද අනෙතුගේ
සිත් තුල සුපිපුණ සෙනෙහස් මල් දම්
මිලින වී... වියොගේ ලං වීලා...
ම්...... හා.. හා...
මා මත් වීලා...
මා නොලද ඒ ආදරේ...
ඔබේ හද තුල මෝදුවේ...
එක්කල අතගිලි යළි වෙන් නොවෙනට වසග වී
පෙම් සිනහ නැන් වේවා...
ම්..... හා.. හා...
මා මත් වීලා...
විකසිත පැතුමන්......
5:34 AM
Unknown
No comments
නෙතු කඩා හැලෙන තරුවක් වාගේ
මතකයි ඈ දෙව්ලියක් වගේ
තොල් මත පොපියන පිණිබිදු වාගේ
මතකයි මා හද නැටුවා රහසේ
මනාලියක් වී ඈ .......හා හා හ හා හා හා හ හා
අද මා අසලින් ඉන්නේ
මා නෙතින් නෙලා ගත් මල අද මා හද ලග විකසිත වෙන්නේ
ඒ උණුසුම් සුසුමන් අද මා හද කිති කවමින් හිනැහෙන්නේ
මනාලියක් වී ඈ .......හා හා හ හා හා හා හ හා
අද මා අසලින් ඉන්නේ
නිල් දෑස් අගින් මුතු කෝල වූ වදන් හිත ලග දැවටෙන්නේ
ඔය නෙත් කොනින් කීව රහසට මා හිත කොහිදෝ ගෙන යන්නේ
ඒ උණුහුමට ලංව සුසුමන් අයදින නෙතු අග දිලිසෙන්නේ
මට තුරුළු වුණා ඈ සිත හංගාගෙන ලොවට හොරා රහසේ
මනාලියක් වී ඈ .....හා හා හ හා හා හා හ හා
අද මා අසලින් ඉන්නේ
5:28 AM
Unknown
No comments
සිත හඩයි...මා තනි වී..මා දවාලයි මේ ශෝකේ
ආදරයෙන් මා ලැබුවේ කඳුළ පමණද මේ ලෝකේ.....
ඔබගේ සුරත ගෙන
සයුරු තෙරේ හිද
දිනෙක සීත සැන්දෑවේ...
හැඩුව අයුරු මට
අදුරු සිතුවමකි
තාම රැදුනු මා දැසේ...
සිහිනයක්ද මායාවේ....
ඇයිද මා මුලාවේ
තනිකලේ වියෝගේ..
සෑමදා ප්‍රියේ මා ඔබට ආදරෙයි....මා ඔබට ආදරෙයි....
ඉන්න බෑ ලංව ඉතිං
සතුට හිමි නෑ සිතට මගේ
ඇයිද මගේ රත්තරනේ
දිවිය අද මේ අදුරු කලේ....
ඔබගේ සුවද මට තවම දැනෙනවා
පාළු සීත රෑ යාමේ...
ඈත කොහෙද ඔබ දෑසෙ දසුන හැර
සිහිනයක්ව වෙන් වූයේ
ආදරේට පිටුපෑවේ
සඳට අහස වා....ගේ මලට සුවද වා....ගේ
සෑමදා... ප්‍රියේ මා......... ඔබට ආදරේ...ඔබට ආදරේ..
සිත හඩයි...මා තනි වී..මා දවාලයි මේ ශෝකේ
ආදරයෙන් මා ලැබුවේ කඳුළ පමණද මේ ලෝකේ.....
5:27 AM
Unknown
No comments
රුවක් ඈදෙනවා කවුදෝ එනවා...
මීවිත ඈදිරිය දෑස වසනවා...
හද පොදි බෑදි දුක දිය කර පා කර...
ඔබේ ලොවට මා... මොහොතින් එනවා...
සොදුරු යොවුන් විය මල් මග මුල හිද...
කිම තොල මීවිත පොගවන්නේ...//
නුරා විරහ ගිනි නිවා දමන්නයි...
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ...
රුවක් ඈදෙනවා කවුදෝ එනවා...//
නෑගුනු නුරා ගිනි මිනි පොද වෑටිලා...
හතර අතින් දලුලා එනවා...//
අවන්හලේ මීවිත තනි කරලා...
වරන් මලේ පියවර තලා...
රුවක් ඈදෙනවා කවුදෝ එනවා...//
5:25 AM
Unknown
No comments
විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සගලේ
සිත සිතුවිලි සසැලේ
ලදුනේ මා දකිනා
සිහිනේ හද සැලුනා
ඈත නීල අහසේ පාට දේදුනු දහසක් පායාලා
වාගේ ජීවිතේ සැනකෙලියක් වාගේ
ඒ ආදරේ....
දෑසේ සිහින රේඛා
කීවේ නැසූ රහසක් කොදුරාලා
මාගේ ජීවිතේ මල් උයනක් වාගේ
ඒ ආදරේ....
5:13 AM
Unknown
No comments
ආයෙත් හඩන්න කදුලක් උනන්න
ඈයි අපි මෙ හමුවන්නේ...
හිමි නැති ඔයාව හිත යට තියාන
දුක් විදලයි හිත හෑදුනේ...
ඔබ හිනෑහෙන්න ඔබේ රජ දහනේ...
මන් තාමත් මගේ තනි හීනේ...
දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ
එකයි මන් ඔබෙන් වෙන්වුයේ...
ආඩම්බර රුව දෑකලා හිත ආයෙත් උමතු වෙලා
සගවන්නට බෑ කිසි දා පුන්චි පෙම් පත් කතා
අපේම ලොවෙදි අපි මුන ගෑසෙවි සිතමින් පෙම් කරලා
ඔබ දුර ඈදෙවි මන් ඉකිබිදිවි අපි ඈතයි සෑමදා
ආයෙත් හඩන්න...
සදාතනික පෙම පතලා තනිකඩ සිත මුලා වෙලා
ඈති නෑති දුර දුරක තියා සත්තමයි පෙම් කලා
අපෙම ලොවෙදි අපි මුන ගෑසෙවි සිතමින් පෙම් කරලා
ඔබ දුර ඈදෙවි මන් ඉකිබිදිවි අපි ඈතයි සෑමදා
ආයෙත් හඩන්න...
5:11 AM
Unknown
No comments
ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොළුවී සිටි
නැගුණු සෙනෙහේ කියනු බැරි වී..
මගේ සිත වේදනා විඳි..
ලවන් හසකැන් නුවන් කැල්මන්
හොඳින් හදුනන්නෙ ආදරේ
නුවන් රැහැනින් බැඳෙන්නට පින්
නොමතිදෝ මා කෙරේ..
මගේ විජිතේ සිනා නොමැතේ
විඩාපත් වේද ජීවිතේ..
ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
නවාතැන් වේද මා වෙතේ..
ඔබේ පෙම්ලොල් හදේ නොකැලැල්
ලැගුම් සොයමින් නුවන් අයා..
යොවුන් බිඟුදැල් හෙලු හසරැල්
මසිත සුසුමන් දවා ගියා..
5:08 AM
Unknown
No comments
කඳුල නිවන්නම් නෙත නොතමනවා නම්
තනියට ඉන්නම් තනි නොකරනවා නම්
මතකයේ ඉන්නම් අමතක නොමවෙනම්
සෙනෙහෙ පුදන්නම් සිත නොරිදනවා නම්
මල් පුදින්නේ දැඟිලි අතරේ තැලි පෙලි මියැදෙන්න නොවේ
සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි හිත රිදවා ගන්න නොවේ
කඳුල නිවන්නම් නෙත නොතමනවා නම්
තනියට ඉන්නම් තනි නොකරනවා නම්
මතකයේ ඉන්නම් අමතක නොමවෙනම්
සෙනෙහෙ පුදන්නම් සිත නොරිදනවා නම්
හඳ පායන්නේ තරු නැති ලෝකේ ඝනදුර දුරු කරවා ලන්නයි සෙනෙහෙ
පුදන්නේ අඳුරේ තනි වෙන හිතකට එළියක් ලැබ දෙන්නයි.....
කඳුල නිවන්නම් නෙත නොතමනවා නම්
තනියට ඉන්නම් තනි නොකරනවා නම්
මතකයේ ඉන්නම් අමතක නොමවෙනම්
සෙනෙහෙ පුදන්නම් සිත නොරිදනවා නම්
5:04 AM
Unknown
No comments
ඇස් ආදරෙන් පුරෝනා හිත පාලුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියැ දෙන්න දෙන්න උණුහුමේ ඔබේ
මා හදවතින්ම උමතුවී තියේ
මියැ දෙන්න දෙන්න උණුහුමේ ඔබේ
මා හදවතින්ම උමතුවී තියේ
ඔබ සිහිවන හැම මොහොතක් ගානේ
දැකගන්නට ඔබ මා ලඟ නෑනේ
නුදුරේදිම කරගන්නට මාගේ
අවසර දෙන්නට පමණයි ඕනේ
ඉඩ දෙන්නම් පපුතුරේ නැල වෙනු මැන සොඳුරියේ
මට ඔබම තමයි ඕනා
ඇස් ආදරෙන් පුරෝනා //
රැක ගන්නම් ජීවිතයම වාගේ
එක සැරයක් හද ගත්තානම් මාගේ
සැනසෙන්නට හැමදාමත් ආයේ
එනවද හිමිකම ගන්නට මගෙ හීනේ
නොසිඳෙන මහ සාගරේ තරමට මගෙ ආදරේ
මට ඔබම තමයි ඕනා
ඇස් ආදරෙන් පුරෝනා //
4:48 AM
Unknown
No comments
කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය
මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා . . .
සකුණ ගීය සැඟවී යන
පළා පැහැයෙ අළු තවරා
සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින්
සින්ඩරෙල්ලා . . .
කැමීලියා මල් . . .
සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා
ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා . . .
Subscribe to:
Posts (Atom)