Sunday, August 11, 2013
8:33 AM
Unknown
No comments
ඈ නීල වරල පීරලා ඈ යන ගමන හැඩ වෙලා
ගම්මානෙ මිහිරියාව ගමම එළි කලා
පුන්සඳ රැස් කැළුම් හෙලා ඈ සුර දෙව් ලියක් වෙලා
කුසුම් නටයි පවන් සල සලා
සුරංග නාවි සුරංග නාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී //
වසන්ත සමය ළං වෙලා කෝකිල නදින් මත් වෙලා
සිසිල් සුළං යාවි පාවෙලා
දඟ පුළුලුකුල සල සලා ඈ මග යන්නෙ හිනැහිලා
නිල් නෙත් යුග මහද මත් කලා
සුරංග නාවි සුරංග නාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී //
ලස්සන මල් කුමාරියෙ ගම එලි කල මනාලියේ
ඔබ දුටු මගෙ හද පිනා ගියේ
සුර ලෝකෙ සුරඟනාවියේ මගෙ හද දිනු දයාවියේ
සිරි දෙව් දුව ඔබ ප්‍රියාවියේ
සුරංග නාවි සුරංග නාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී //
හැඩ වැඩ ගමන ලලිත වේ ඔබ මුළු ගමට මැණික වේ
සිනහ මුවින් හදක් සැනසුවේ
සාමය සතුට රැඳි ලොවේ කුමරියෙ ඔබ සිතේ මැවේ
නොබලා හදවත දුකින් තැවේ
සුරංග නාවි සුරංග නාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී //
Saturday, August 10, 2013
6:42 AM
Unknown
No comments
දිලිසෙන දෙනෙත ඔබේ .... නෑ අමතක වෙන්නේ .....
වෙන්වී යන්නනම් .... ඇයි මට මේ තරම් ....
ආදරේ කෙරුවේ ............
හදවත මැද දුක නිතරම .... කීරිගැහෙනවා ....
ඔබ බොරුවට රැවටුව හිත ..... තාම හඬනවා .....
මට ආයේ හිමිවේනම් ..... පණවාගේ රැකගන්නම් ....
මගෙ රත්තරන් ඔයා ..... මගෙ රත්තරන් ඔයා .......
සමුගෙන ඔබ පියමැන්නද ..... මාව රිදවලා .....
කොහොමට අපි හිටියද පෙර ..... දිනෙක ලංවෙලා ......
මට ආයේ හිමිවේනම් ..... පණවාගේ රැකගන්නම් .....
මගෙ රත්තරන් ඔයා ..... මගෙ රත්තරන් ඔයා .....
6:40 AM
Unknown
No comments
මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්
මගෙ කූඩුවට ඇවිත් සල්ලාර පෙම්බරෙක්
මගෙ පෙම්බරී සමඟ හාදව දුන්නු ගින්දරක්
මට දුන්නු ගින්දරක්.......
මගෙ පෙම්බරී අසන් මට මන් ගැන දුකක් නොවෙයි
අපෙ පුන්චි එවුන්ගේ හෙට කල දවස ගැන දුකයි
ඇස් තාරුකා වගෙයි මග බලාගෙන හඬයි
මන් ගැන හිතන්නෙපා උන් ගැන හිතා වරෙන්,,,,,,
මගෙ වරදක් නැතත් අඟ හිඟ කම් උනා තමයි
ඔය පෙම්බරා නුඹේ හිත හොරකම් කලා එයින්
උන දේ උනා තමයි නඩු හබ ඵලක් වෙද ඉතින්
මන් ගැන හිතන්නෙපා උන් ගැන හිතා වරෙන්........
6:31 AM
Unknown
No comments
ආලවන්ත නෙත් විදා මන්දහාස නංවනා
සදකින්නරී සුන්දරි මුතු පලස මත දිදුලනා
මනබන්දනී නන්දනි මුතු පලස මත හිනැහෙනා
සදකැන් හොරෙන් මුව තවරලා
මල් මල් ගවුමකින් ගත සරසලා
ඉදිකඩ උඩින් තරුනෙත් වසා
මතකයි තවත් අපි හිනැහුණා
මතකයි....තවත් ඔයා හිනැහුණා
සිහිලැල් සුළං රැල්ලක එතී
වනමල් උයන් හැරදා අප සිටී
මතකෙන් මකා අපි පෙම් කළ හැටි
මතකයි ඔයා මං හැරගිය හැටී
මතකයි...තවත් ඔයා හිටි හැටී
ආලවන්ත නෙත් විදා.......
6:28 AM
Unknown
No comments
මල්මිටක් තියන් ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජිවිතේ විසල් නදී තෙරේ
තුරු සිසත් මලත් ඔබයි මගේ
සොදුරු කවි ලියාන නෙත් කොනේ
තාරුකා වහින රාත්ත්‍රියේ
ගෙල වටේ වෙලී හමා ඇදි
නල රැලී ඔබයි මගේ
තුරුලතා පවා දුකෙන් වගේ
අත වනා හොයන්නෙ ඔබ
හැන්දෑවේ වගේ සෞම්‍ය වී
නිදා ඉන්න මගේ හදේ
6:24 AM
Unknown
No comments
දිවුරාල පවසන්න මට ආදරෙයි නම්
මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවානම්
එය සත්තකයි සොඳුරෙ මා මියෙනතා කල්
ඔබ මයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්
හිරු මල් දෑතෙ සඟවා වලා රොදක නැගිලා
සත් සමුදුරුම කළඹාල ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මෘදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ
සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලා
ඔබ සතපන්න තරු අහසෙ වියනක් සදාලා
සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා
ඔබ නිදියන්න මගෙ මැණික මට තුරුලු වීලා
හිරු මල් දෑතෙ සඟවා වලා රොදක නැගිලා
සත් සමුදුරුම කළඹාල ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මෘදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ
Subscribe to:
Posts (Atom)